Tuesday, March 3, 2015

නිවී ගිය මිණි පහන

කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක්වූද, කීර්තිමත් පුරාවිද්‍යාඥයෙක්වූද, මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා අභාවප්‍රාප්ත විය.
ඒ මහතා එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලැබූ අතර, ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියද, ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබා ඇත.
1975 වර්ෂයේ සිට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළ ඒ මහතා එම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානවරයා වශයෙන්ද, උපකුලපතිවරයා වශයෙන්ද, කටයුතු කර 2002 වර්ෂයේදී විශ්‍රාම ලැබීය.
මහාචාර්ය බණ්ඩාරනායක මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය සහ දඹුලු ව්‍යාපෘතිවල පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ අතර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද විය. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂකවරයා වූයේද ඒමහතාය.
මහාචාර්ය බණ්ඩාරනායක මහතා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති පදවියද, යුනෙස්කෝවේ ශ්‍රී ලංකා නියෝජිත තනතුරද, ඉන්දියාව සහ භූතානයේ මහකොමසාරිස් තනතුරද හෙබවීය.
මහාචාර්යවරයා ශාස්ත්‍රීය ග්‍රන්ථ සහ ලිපි රැසක කර්තෘවරයෙක් වූ අතර, පුරාවිද්‍යාව පිළිබඳ විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක ගුරුවරයෙක්ද විය.

උපුටා ගැනීම........ 
අද පුවත් පතින්



මහාචාර්ය සේනක බණ්ඩාරනායක පිළිබඳ ඇතුළත් ලිපි හා පුවත්........
පහත ලින්ක් වලින් ලබා ගත හැකිය..........