Wednesday, April 23, 2014

සොයුරු බැම්මේ ප්‍රබලත්වය තිරයට ගෙනෙන සීතල මනඃකල්පිතය “ෆ්‍රෝසන්” ............

පසුගිය වසරේ නොවැම්බර් 22 දින ලොව පුරා තිරගත වීම ඇරඹූ දින  පටන් ඩොලර්  මිලියන නවසිය  දාහතරක ආදායමක් ලබමින් බොක්ස් ඔෆිස් සිනමාපට අතරට ෆ්‍රෝසන් එක්වන ලද්දේ එතෙක් හැදු වසරේ   වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපට ලැයිස්තුවේ තෙවැනි තැන පසුවූ ද හන්ගර් ගේම්ස්; කැචින් ෆයර්චිත්‍රපටය වෙතින් එම ස්ථානය උදුරා ගනිමිනි. ඔස්කාර් සම්මාන නිර්දේශ දෙකක්ද හිමි කර ගනිමින් විචාරකයන්ගේ නොමඳ සම්භාවනාවට පාත්‍ර වූ ෆ්‍රෝසන්හි ගීත මාලාව, එකිනෙකට වෙනස් පැති හතරකදී බිල්බෝඩ් ඇල්බම් ගීත දර්ශකයේ පළමු තැන සිව්වරක් හිමි කරගන්නා ලද්දේ 2003 වසරේදී බෑඩ් බෝයිස්  ” හි ගීත මාලාවෙන් පසු එබඳු වාර්තාවන්  පිහිටුවූ පළමු චිත්‍රපටය බවට පත් වෙමිනි. ෆ්‍රෝසන් විසින් හිමි කරගත් එම අනපේක්ෂිත ජනප්‍රියත්වය  තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්, බ්‍රෝඩ්වේ රඟහලකදී එහි ගීතමය අනුවාදයක් එළි දැක්වීමටත් ෆ්‍රෝසන් තේමා කොටගත් විනෝද උයනක් ඉදිකිරීමටත් ඩිස්නි ආයතනය දැනටමත් සැලසුම් සකස් කරමින් සිටින අතර පසුගිය සතියකදී නිකුත් වූ එහි ගීත ප්‍රේක්ෂකයාටද සිනමා පටය නරඹන අතරවාරයේදීම ගීත ගැයීමෙන් ඒ හා එක්විය හැකි අනුවාදය ළමුන් අතර මෙන්ම් වැඩිහිටියන් අතරද ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට සමත් විය.

මේ සියලු සාර්ථකත්වයන් පිටුපස සැඟවුණු දිරවා ගැනීමට අසීරු සත්‍යතාව නම් හුදෙක් මනඃකල්පිත සුරංගනා කතා තේමාවක් රැගත් ෆ්‍රෝසන්  සඳහා  දැරීමට සිදුවූ පිරිවැයයි. ඇමරිකාව තුළ එතෙක් මෙතෙක් වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය  කෙරුණු  ඩිස්නි චිත්‍රපටය  “ෆ්‍රෝසන්  වන්නා සේම, වැඩිම අලෙවි වාර්තා පිහිටුවූ ඩිස්නි චිත්‍රපටය වන්නේද එයම වුවද ඒ කේන්ද්‍ර කර ගනිමින්  නිර්මාණය වූ උන්මාදය එහි කතා තේමාවේ සාර්ථකත්වය මත පමණක්  පදනම් වූවක් නොව චිත්‍රපටයේ විවිධ අංශයන් පාදක කර ගත්තකි. නිදසුනක් ලෙස සති ගණනාවක් දැඩි පරිශ්‍රමයක් දරමින් චිත්‍රපටයේ එන වීරවරියන් දෙදෙනාගේ (එල්සා හා ඇනා) ඇඳුම් ඒවායේ අඩංගු සෑම කුඩා අංගයක්ම එයාකාරයෙන්ම දැක්වෙන ලෙස නිර්මාණය කිරීමටත් ඒවා හැඳ පැළඳ ඡායාරූප එකතුවකට පෙනී සිටීමටත් තරම් සීමාව ඉක්මවා  ගිය උන්මාදයකින් පෙළුණු ලීසාගේ අදහස නම් තමා ෆ්‍රෝසන්  වෙත ආකර්ශණය වන ලද්දේ එහි වන චරිත නිසා බවයි. 
ක්‍රි.ව. 1845 දී සුප්‍රකට සුරංගනා කතා ගත්කරු හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් විසින් රචිත  “හිම රැජිනනමැති සුරංගනා  කතාව පාදක කර ගනිමින් නිපැයුණු  “ෆ්‍රෝසන්  ඔස්සේ ප්‍රේක්ෂකයා අභිමුවට එන වීරවරියන් දෙදෙනා මුහුණ දෙන උභතෝකෝටික ගැටලු  හා නූතන පරපුරට එල්ල වන  අභියෝග  හා සමගාමී වන්නකි. කතා සාරංශය  සැකෙවින් ගතහොත් රජ කිරුළට උරුමකම් කියන එල්සා හට උපතින්ම උරුම වූ හිම හා අයිස් පාලනය කිරීමේ මනා හැකියාව අන්තරාකාරී වුවක් බවටත් ඉන් රාජ්‍යයේ  පැවත්මට තර්ජන එල්ල වනු ඇති බවටත්  බිය වන ඇගේ පවු‍ලේ සාමාජිකයින් එය ලෝකයෙන්  වසන් කර තබන ලෙසට ඇයට බලපෑම් කරන්නෝය. සිය සොයුරිය මෙන් අසාමාන්‍ය මායාමය හැකියාවන්ගෙන් තොර වූ ඇනා සතු සුවිශේෂී ගුණය වනුයේ  සිය සොහොයුරිය කෙරෙහි ඇය තුළ වන දැඩි සෙනෙහ‍ස හා පක්ෂපාතීත්වයයි. සිය සොයුරිය වන එල්සා  මුහුණ දෙන අසීරු අවස්ථාවන්හිදී, සිය ජීවිතය  පවා අවදානමට හෙළමින් සහෝදරත්වයේ නාමයෙන් කැපවීමට ඇනා මැලි නොවන්නීය. තමාගේ පවුල තුළම පිළිගැනීමට ලක් නොවුවද තමන් තමන්ම  වීමේ වැදගත්කමත් සැබෑ සහෝදරත්වයේ වටිනාකමක් පිළිබඳව  මනඃකල්පිත කතා තේමාවක් ඔස්සේ වුවද ෆ්‍රෝසන් වෙතින් ගෙනෙන  පණිවුඩය  අර්ථාන්විතය. කාලෝචිතය.

ඩිස්නි චිත්‍රපටවල අනිවාර්යය අංගයක් වන සුකුමාල කුමාරවරයෙකු හා සත්‍ය ප්‍රේමය සතු අසීමිත බලය තහවුරු  කරන අතුරු කතාවක්ද ෆ්‍රෝසන් හි  අන්තර්ගතයට ඇතුළත්ව  තිබුණද, එය කිසිසේත්ම  විසිතුරු පෙම් කතා  රැගත්  “ද ලිට්ල් මර්මේඩ්”, “ස්ලීපින් බියුටිවැනි චිත්‍රපට නිර්මාණ කළ චිත්‍රාගාරයකින් ප්‍රේක්ෂකයන් අපේක්ෂා නොකරන අන්දමේ අවසානයක් රැගත් පෙම් කථාවක් වීම ෆ්‍රෝසන්  සතු තවත් විශේෂත්වයකි. ෆ්‍රෝසන්  හි ඇතුළත්  වන සාමාන්‍ය ඩිස්නි චිත්‍රපටයකට ආවේණික  නොවූ මෙම අහඹු වෙනස සම්බන්ධයෙන් එකඟත්වය පළ කරන ‍ලේඛිකාවක වන පෙගී ඔර්න්ස්ටයින්”  කාන්තාවන් හා තරුණයන් සතුවිය යුතු සමකාලීන ගති ලක්ෂණ ලෙසට පිළිගැනෙන  ‍පොදු මතවාද වලින් ෆ්‍රෝසන්  නිර්මාණකරුවන් ඔබ්බට යාම පිළිබඳව විවෘතවම සිය ප්‍රසාදය  පළ කරන්නියකි. එසේ නමුත් ෆ්‍රෝසන්  හරහා  කාන්තාව සවිබල ගැන්වීමේ ක්‍රියාදාමයේ  එක් පියවරක් ලෙස අවසානයේදී තමන් සතු මායාමය හැකියාවන් පිළිගෙන ලෝකය හමුවට එන එල්සා”  චාම් ළද බොළඳ  නිරහංකාර යුවතියකගේ සිට එක්වරම සරාගී දඟකාරත්වයකින්   හෙබි තරුණියකට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් නම් ඇය දරන්නේ  අවිනිශ්චිත ආකල්පයකි. කාන්තාවක සතු සැබෑ ජීවය, සරාගී  භාවයේ සංකේතයක් ලෙස හුවා දැක්වීම කෙතරම් අර්ථාන්විතදැයි දෙවරක් සිතා බැලිය යුතුව ඇත.

ෆ්‍රෝසන් අන්තර්ජාලයද සිය අණසකට නතු කොටගෙන ඇති බවට වන හොඳම උදාහරණය වන්නේ එහි තේමා ගීතය වන ලෙට් ඉට් ගෝහී ගීතමය වීඩියෝව  යූ ටියුබ් රසිකයන් අතර හිමි කර ගෙන ඇති විස්මිත ජනප්‍රියත්වයයි. එතෙක් කලක් ලෝකයෙන් සඟවාගෙන සිටි සිය මායාමය හැකියාවන්, නොබියව ලෝකය හමුවේ ප්‍රකට කරමින්, තවදුරටත් බියෙන්  මුළුගැන්වුණු ජීවිතයක් ගත නොකරන බවට ශපථ කරමින්, නව ජීවයකින් පිරිපුන් චරිතයක්  ලෙස එල්සා ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කෙරෙන මෙම තේමා ගීතය පසුගිය දෙසැම්බරයේ සිට මේ වන තෙක් යූ ටියුබ් වබේ අඩවිය ඔස්සේ නරඹා ඇති වාර ගණන මිලියන අසූ පහ ඉක්මවන්නකි.  මීට අමතරව ඩෙමී ලොවැටෝවිසින් ගායනා කරනු ලබන එහි ‍පොප්  රොක් අනුවාදය  නරඹනු ලැබූ සංඛ්‍යාව මිලියන හැට නවයක්  වන අතර, “ෆ්‍රෝසන් ලෙට්  ඉට් ගෝලෙස අන්තර්ජාලයේ සෙවීම් සිදු කරන කල ඒ   සමග නැරඹීමේ  අවස්ථාව හිමි වන සෙසු මිලියන ගණනක් වූ වීඩියෝ පට  මෙම සංඛ්‍යාත්මක අගයන්ට ඇතුළත්  වන්නේ නැත. එසේම ලෙට් ඉට් ගෝගීතයේ ඉඩිනා මෙන්සල්විසින් ගායනා කරනු ලබන මුල් අනුවාදයට සමරූපී වෙනත් අනුවාදද නිදසුන් ලෙස විවිධ භාෂාවලින් ගැයෙන අනුවාද කුඩා වුන්ගේ  සුරතල් හඩින්  ගැයෙන අනුවාද, ගීතය වාදනය කිරීමට කියා දෙන අනුවාද අතිමහත්  සංඛ්‍යාවක්ද මෙම මිලියන ගණනක් වූ වීඩියෝ පටයන්ට ඇතුළත්ව ඇත්තේ ෆ්‍රෝසන් උන්මාදයේ තරම වටහා දෙමිනි. මීට අමතරව මෙම සංඛ්‍යාත්මක දත්තයන්ගෙන් ඔබ්බට ගොස් ලැබුවාවූ ජයග්‍රහණ රාශියක්ද ෆ්‍රෝසන් සතුය.

මේ සිත් ගත් දසුන් කිහිපයක්..........


චිත්‍රපටයේ ගීත රචනා කිරීමට එක්වූ  ක්‍රිස්ටීන් ඇන්ඩර්සන් ලෝපේස් හා ඇයගේ සැමියා වන රොබට් ලෝපේස් හට කිසිසේත්  බලා‍පොරොත්තු නොවූ විශ්මිත ප්‍රිතියක  පංගුකාරයන් වීමට හැකිවූයේ  තමන්  ලියූ ගීත, කථන ආබාධයන්ගෙන් පෙළුණු ළමුන්ට එම දුර්වලතා මගහරවා ගැනීමට  රුකුල් සැපයූ බව දැන ගැනීමට ලැබිමත් සමගය.                     එවැන්නක්  ඔවුන් කිසිසේත් බලා‍පොරොත්තු නොවූවකි.
එබඳු අතරමැදි අනපේක්ෂිත කරුණු කාරණා හැරුණු  කළ සාමාන්‍යයෙන්  සෙසු ඩිස්නි චිත්‍රපටවලදී හමුවන වීරවරියන් සතු ගුණාංගද ෆ්‍රෝසන් හි ඇනා හා එල්සා සතුවීමත් නෙත් සිත් පැහැර ගන්නා ආකර්ෂණීය ඇඳුම් විලාසිතාවන්ද, සොඳුරු අවස්ථා බොහෝමයකින් සමන්විත වින්දනීය සිනමා අත්දැකීමක් වීමද,ආකර්ෂණීය කතා තේමාවකින් හා නිතර මුවඟ මිමිණිය හැකි  කන්කළු ගීත රටාවන්ගෙන් සමන්විත වූ චිත්‍රපටයක් වීමද  නිසාවෙන් ෆ්‍රෝසන් මෙතරම් ජනප්‍රියත්වයන් හිමි කර ගත්තාට සැක නැත. 

චිත්‍රපටය නිර්මාණය කරන අතර වාරයේ සිත් ගත් අවස්ථා..........



ඩිස්නි චිත්‍රපටවල අනිවාර්යය අංගයක් වන සුකුමාල කුමාරවරයෙකු හා සත්‍ය ප්‍රේමය සතු අසීමිත බලය තහවුරු  කරන අතුරු කතාවක්ද ෆ්‍රෝසන් හි  අන්තර්ගතයට ඇතුළත්ව  තිබුණද, එය කිසිසේත්ම  විසිතුරු පෙම් කතා  රැගත්  “ද ලිට්ල් මර්මේඩ්”, “ස්ලීපින් බියුටිවැනි චිත්‍රපට නිර්මාණය කළ චිත්‍රාගාරයකින් ප්‍රේක්ෂකයන් අපේක්ෂා නොකරන අන්දමේ අවසානයක් රැගත් පෙම් කථාවක් වීම ෆ්‍රෝසන්  සතු තවත් විශේෂත්වයකි. ෆ්‍රෝසන්  හි ඇතුළත්  වන සාමාන්‍ය ඩිස්නි චිත්‍රපටයකට ආවේණික  නොවූ මෙම අහඹු වෙනස සම්බන්ධයෙන් එකඟත්වය පළ කරන ‍ලේඛිකාවක වන පෙගී ඔර්න්ස්ටයින්”  කාන්තාවන් හා තරුණයන් සතුවිය යුතු සමකාලීන ගති ලක්ෂණ ලෙසට පිළිගැනෙන  ‍පොදු මතවාද වලින් ෆ්‍රෝසන්  නිර්මාණකරුවන් ඔබ්බට යාම පිළිබඳව විවෘතවම සිය ප්‍රසාදය  පළ කරන්නියකි. එසේ නමුත් ෆ්‍රෝසන්  හරහා  කාන්තාව සවිබල ගැන්වීමේ ක්‍රියාදාමයේ  එක් පියවරක් ලෙස අවසානයේදී තමන් සතු මායාමය හැකියාවන් පිළිගෙන ලෝකය හමුවට එන එල්සා”  චාම් ළද බොළඳ  නිරහංකාර යුවතියකගේ සිට එක්වරම සරාගී දඟකාරත්වයකින්   හෙබි තරුණියකට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් නම් ඇය දරන්නේ  අවිනිශ්චිත ආකල්පයකි. කාන්තාවක සතු සැබෑ ජීවය, සරාගී  භාවයේ සංකේතයක් ලෙස හුවා දැක්වීම කෙතරම් අර්ථාන්විතදැයි දෙවරක් සිතා බැලිය යුතුව ඇත.
ෆ්‍රෝසන් අන්තර්ජාලයද සිය අණසකට නතු කොටගෙන ඇති බවට වන හොඳම උදාහරණය වන්නේ එහි තේමා ගීතය වන ලෙට් ඉට් ගෝහී ගීතමය වීඩියෝව  යූ ටියුබ් රසිකයන් අතර හිමි කර ගෙන ඇති විස්මිත ජනප්‍රියත්වයයි. එතෙක් කලක් ලෝකයෙන් සඟවාගෙන සිටි සිය මායාමය හැකියාවන්, නොබියව ලෝකය හමුවේ ප්‍රකට කරමින්, තවදුරටත් බියෙන්  මුළුගැන්වුණු ජීවිතයක් ගත නොකරන බවට ශපථ කරමින්, නව ජීවයකින් පිරිපුන් චරිතයක්  ලෙස එල්සා ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කෙරෙන මෙම තේමා ගීතය පසුගිය දෙසැම්බරයේ සිට මේ වන තෙක් යූ ටියුබ් වබේ අඩවිය ඔස්සේ නරඹා ඇති වාර ගණන මිලියන අසූ පහ ඉක්මවන්නකි.  මීට අමතරව ඩෙමී ලොවැටෝවිසින් ගායනා කරනු ලබන එහි ‍පොප්  රොක් අනුවාදය  නරඹනු ලැබූ සංඛ්‍යාව මිලියන හැට නවයක්  වන අතර, “ෆ්‍රෝසන් ලෙට්  ඉට් ගෝලෙස අන්තර්ජාලයේ සෙවීම් සිදු කරන කල ඒ   සමග නැරඹීමේ  අවස්ථාව හිමි වන සෙසු මිලියන ගණනක් වූ වීඩියෝ පට  මෙම සංඛ්‍යාත්මක අගයන්ට ඇතුළත්  වන්නේ නැත. එසේම ලෙට් ඉට් ගෝගීතයේ ඉඩිනා මෙන්සල්විසින් ගායනා කරනු ලබන මුල් අනුවාදයට සමරූපී වෙනත් අනුවාදද නිදසුන් ලෙස විවිධ භාෂාවලින් ගැයෙන අනුවාද කුඩා වුන්ගේ  සුරතල් හඩින්  ගැයෙන අනුවාද, ගීතය වාදනය කිරීමට කියා දෙන අනුවාද අතිමහත්  සංඛ්‍යාවක්ද මෙම මිලියන ගණනක් වූ වීඩියෝ පටයන්ට ඇතුළත්ව ඇත්තේ ෆ්‍රෝසන් උන්මාදයේ තරම වටහා දෙමිනි. මීට අමතරව මෙම සංඛ්‍යාත්මක දත්තයන්ගෙන් ඔබ්බට ගොස් ලැබුවාවූ ජයග්‍රහණ රාශියක්ද ෆ්‍රෝසන් සතුය.
පසුගිය  සතියකදී බෘෘක්ලීන් නුවර පිහිටි  සිනමා හලකදී සය වන වරටත්  “ෆ්‍රෝසන්  නරඹා සිය දියණිය වන සිව් හැවිරිදි ලෙනෝරාසමග ඉන් පිටතට  පැමිණි  තිස් හතර  හැවිරිදි කොලීන් ඩග්ලස්” “ෆ්‍රෝසන් හි ජනප්‍රියත්වය   මොනවට පැහැදිලි කරමින් කියා සිටියේ තමා එය සයවරක් මතු නොව දොළොස්වරක් වුවද නැරඹීමට පැකිලෙන්නේ නැති බවයි.
ඇත්තෙන්ම
ෆ්‍රෝසන්  කියන්නේ කලකට පසුව නරඹන්නට ලැබුණු සොඳුරුම සජීවිකරණ චිත්‍රපටයක්. 

ඒ වගේම ජීවිතයේ එක්වරම හමු වන ආගන්තුක පුද්ගලයෙකු සමග ඔබට විවාහ විය නොහැකි බවට වැදගත් පණිවුඩයක් ලබා දෙන පළමු ඩිස්නි චිත්‍රපටය වන්නේත් ෆ්‍රෝසන් .
 එවැන්නක් මීට පෙර ඩිස්නි චිත්‍රපටයකින් ඉදිරිපත් කළ බවට මට නම් මතකයක් නැහැ.


උපුටා ගන්නා ලද්දකි (සමුදුර)
රුක්ලන්ති පෙරේරා