Tuesday, March 4, 2014

ආදර ඉබ්බො...........

ආදරය යනු බැඳීම සහ ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයකි.

(එහෙම සඳහන් වෙන්නේ විකිපීඩියා, නිදහස් විශ්වකෝෂයේ)


ආදරය කියන දේ ඇත්තටම වචනයෙන් විස්තර කරන්න අමාරුයි මට නම්. ආදරය විවිධාකාරයෙන් තමයි පුද්ගලයන්ට දැනෙන්නෙ. අපි පුංචි කාලේ හිටන්ම දෙමාපියන්ගෙ ආදරය මැද්දේ හැදී වැඩෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික වයසින් මුහුකුරා යද්දි සමාජයේ විවිධ පුද්ගලයන්ගේ අවධානයට අපි හැමෝම ලක්වෙනවා. දෙමාපියන්ගෙන් ලබන ආදරයට එහා ගිය ආදරයක් ප්‍රේමවන්තයාගෙන් හෝ ප්‍රේමවන්තියගෙන් ලබා ගන්න උත්සාහ කරනවා. ආදරය හිමි වුණාම සතුටු වෙනවා. අහිමි වුණාම විරහ කවි ලියනවා. නිතරම විරහ කවි, ගීත රසවිඳිනවා. ලෝකේ තියෙන ලස්සනම ගීත විරහ ගීත හැටියට තමයි ඔබත් මමත් බොහෝ දුරට සලකන්නේ.

ඉතිං ආදරය ගැන අටුවා ටීකා ලියන්න ගියෝතින් නම් පිටු ගණන් ලියන්න පුළුවන් වෙයි. ඒ නිසා "ආදර ඉබ්බො" ගැන කතා කරන්නයි දැන් සූදානම් වෙන්නේ.

ඇත්තටම කවුද මේ "ආදර ඉබ්බෝ" ....?

ඔබේ ආදරය ඔබ කවදා හෝ දිනයක ඉබ්බො දාලා හිර කරල තියෙනවද? අනේ ඉතිං හැබෑටම කොහොමද හරි හමන් ආදරයක් හිර කරල යතුරු දාන්නෙ නේද?

 ආදරය කියන දේ බලෙන් අයිතිකර ගන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. දෙදෙනාගේම කැමැත්ත ඇතිව තමයි ඉතා යහපත් මට්ටමින් ආදර සබඳතාවයක් ගොඩානගා ගන්න පුළුවන් වෙන්නේ. 

ජීවිතයට ළඟාකර ගන්න නොහැකි ඕනෑම කෙනෙක්ට අපිට හිතින් නම් ඉතිං  හිතේ හැටියට ආදරය කරන්න පුළුවන්. අප්‍රකාශිත ප්‍රේම වෙච්ච ඒකපාර්ෂවීය ආදරය ඇත්තටම හරිම සුන්දරයි. හැබැයි අනිත් පාර්ෂවය ඒ ගැන නොදන්නා තෙක් විතරයි. දැන ගත්ත දාට ඔහුට හෝ ඇයට මුහුණ දෙන්න වෙන්නෙ ලොකු අර්බුදයකට. ආදරයයි කැස්සයි හංගන්න බැහැ කියනවනේ. ඉතිං ඒකපාර්ෂවීය ආදරයත් හැමදාමත් හංඟගෙන ඉන්න ටිකක් අමාරුයි. කොයිවෙලේ හරි කාට හෝ ඉව වැටෙනවා. අනික ඉතිං අපේ මිනිස්සු ඉන්නෙම අනුන්ගෙ ජීවිතවලමනෙ. ලෝකයා තමන් දෙස බලාගෙන ඉන්න විත්තිය කාට කාටත් තේරෙන්න පටන් ගන්නේ සියලුම දේ හොඳට හෝ නරකට සිද්ධ වුණාට පස්සෙයි.

ආදරය ගැන ලියන්න හිතිච්ච නිසා මං ටිකක් අන්තර්ජාලයේ සැරිසැරුවා. එතකොට ආදරය ගැන ලියවිච්ච ගොඩාක් දේවල් ඇස ගැටුණා. ඒ ඇස ගැට්ට තැන් වලදී මං ආදරය සම්බන්ධ විවිධ රූප සටහන් කිහිපයක් උපුටා ගන්නත් අමතක කළේ නැහැ.






මේ ඒ විදියට උපුටා ගත්ත එක් රූප සටහනක්. ඒකේ ආදරයේ විවිධ ප්‍රභේද දක්වල තියෙන්නේ. මේ වියමන කියවන ඔබගේ ආදරය මින් කවර අවස්ථා පසු කරන්න ඇතිද? ඒ වගේම පසු කරමින් ඇතිද නේද? 






දෙමව්පිය සෙනෙහස යටතේ ගෙවන ජීවිතය තමයි අපේ ජීවිතවල සුන්දරම කාලය. ඒ සුන්දරත්වය බොහෝ විට දැනෙන්නේ ජීවිතේ මැද භාගයේදී කියලයි මට නම් හිතෙන්නේ. 


















ඉතිං විවිධ ආදර බැඳීම් ගැන සොයමින් අන්තර්ජාලයේ සැරි සරද්දි ලැබිච්ච අපූරු යුටියුබ් එකක් ඔබත් එක්ක බෙදා ගන්න ඕන කියල හිතුණා. සමහර විට ඔබ දැනටමත් මේ ආදර ඉබ්බො දැකලා ඇති. ඒත් මට කියන්න තියෙන්නේ යතුරු දාලා හිර කරල තියෙන මේ ඉබ්බො තාමත් යාරා නදියෙ පාලමේ අව්වට වැස්සට ඔරොත්තු දීලා හිටියට කීයෙන් කී දෙනාද ඇත්තටම ආදර වන්තයින් හෝ ආදර වන්තයන් වෙන්න ඇත්තේ.....?

තව ටික කාලයක් ගියාම අපේ ලංකවේ ඈයොත් ප්‍රසිද්ධ පාලම් වල ඉබ්බෝ එල්ලයිද දන්නෙ නැහැ නේද....?

එහෙම නම් ගිහිල්ලම බලන්නකෝ මේ ලින්ක් එකට..........
ආදර ඉබ්බෝ............

http://www.youtube.com/watch?v=82Kw6FI4RZo#t=53