Tuesday, February 26, 2013

අම්මා



අපරිමිත සෙනෙහසින්
වෙළී ඔබ තුරුල්ලේ
කිරි උරා බිවු දෙතන
දැනෙයි උණුසුම තවම


හෝඩියේ ඇති අකුරු
එකිනෙකට ගලපමින්
කෙලෙස මම ගොතන්නද
ඔබේ ගුණ කව් පබැඳ
පතමි මම නිවන් සුව

මගේ ආදර මව්නි......!!