Monday, August 8, 2011

ආදරයේ වෙනස

ගැඹුරු ගං දිය
පත්ල සිඹ ගත්
ඔරු කඳකි
ඔහු පිදු
ආදරේ

 අඳුර රජයන
පාළු කුටියකි
හැරදමා ගිය
ආදරේ

3 comments:

  1. හරි අර්ථයත් අක්කේ.. මෙන්න ‍මගෙනුත් පොඩි අදහසක්...

    ගැඹුරු ගං දිය
    තරම් ගැඹුරුයි
    ඔහු පිදූ
    ආදරේ

    කිනම් අරුමද
    ඈ නික්ම ඇත
    හැර දමා
    ඔරු ගං දියේ..

    ReplyDelete
  2. දිනෙක ගඟ පතුල කිමිදෙන

    කෙනෙක් පය ගැටෙවී

    සැඟවුන මුතු මැණික් ඇත්දැයි

    ඔරු පතුල අතගා බලාවී..

    කබල් දොර පළුව තල්ලු කර

    අයෙක් විත් අතගා අඳුරේ

    පත්තු කල ඉටිපන්දමින්

    අඳුර දුරු වේවි මැදුරේ

    ReplyDelete